එහෙනම් අද
අපි මේ එකතු වෙන්නේ හතරවෙනි කොටස සමඟින්. අද කතාව ගැන කියන්න කලින් මට නරක
ඒ වගේම බලන අයට සුබ ආරංචියක් තියෙනවා. ඒ තමයි මීට කලින් කොටස් 16 කින්
අවසන් වෙන්න තීරණය කරලා තිබුන මේ කතාව කොටස් 22ක් දක්වා දීර්ග කරලා
තියෙනවා. ඒ කියන්නේ 2015 වෙනකන් මට විසුමක් නැහැ වගේ 
එහෙනම්
සුපුරුදු පරිදි කලින් කොටසේ විස්තර මෙහෙමයි. කලින් කතාවේ ගලාගියේ නගරයේ
ඉන්න වංචාකාරයෝ, දූෂිත පුද්ගලයන් මරන්න නගරයට යහපතක් කරන්න ඉදිරිපත් උන
කෙනෙක් ගැන. එයාගේ ඝාතන සැලැස්ම විශේෂී එකක්. ඒ තමයි කාලගුණ දත්ත ලබාගන්න
හීලියම් වායුව පිරවූ බැලුමක එල්ලලා මරන්න ඕනේ කෙනාව අහසට පාකරලා යවන එක.
බලන් ගියාම ලේසි වැඩේ. මිනිය වැටෙන තැනක් හොයාගන්නත් නැහැ. සාක්ෂිත් නැහැ. ඒ
අතරතුර කතාවේ ප්‍රධාන මාතෘකාව සෙමින් ඉදිරියට යනවා. ඒ තමයි වෙයින් ඝාතනය. ඒ
වගේම සෙලිනා කයිල් ගෝර්ඩන්ගෙන් පැන ගන්නවා. පෙන්ගුයින් බයක් සැකක නැතුවම
රහස් පරික්ෂ ගෝර්ඩන්ගේ දොරකඩටම ඇවිල්ලා තමයි කලින් කොටස අවසන් උනේ. අද කතාව
එතැන් සිට ඒ වගේම අද කතාව විස්තර වෙන්නේ නගරයේ බලවත් පාතාල පවුල් දෙකක් වන
ෆැල්කන් සහ මැරෝනි කියන පවුල් අතර සිද්ධ වෙන ඉඩම් හුටපටයක් ගැන. ඒ භූමිය
තමයි ගෝතම් නගරයේ තියෙන සංවර්ධනය නොවුන සහ උන්මත්තක්කාගාරයක් පිහිටා තිබෙන
එකම භූමිය. එනම් ආක්හම් දිස්ත්‍රික්කය. මේ දිස්ත්‍රික්කය වෙනුවෙන් වෙයින්
යුවල සංවර්ධන සැලැස්මක් ඉදිරිපත් කළා. එනමුත් ඔවුන්ගේ ඝාතනය සමඟ දැන් එය
වෙනතකට හැරිලා. දැන් අර කලින් කියපු පාතාල පවුල් දෙක එයාලගේ සැලසුම්
ඉදිරිපත් කරලා ආක්හම් දිස්ත්‍රික්ක සංවර්ධනය සඳහා. අද තියෙන්නේ බල අරගලයක්.
කවුරු කොහොම මේ අරගලය ජය ගනීවිද? එහෙනම් ඔන්න හැමෝටම බාරයි හතරවෙනි කොටස.
නැවත ලබන සතියේ මුණ ගැහෙමු. හැමෝටම ජයෙන් ජය!!!
Torrent Download (130MB) Torrent Download (250 MB) Torrent Download (890MB)
| QR For Subtitle |




0 comments:
Post a Comment